Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2019 20:07:50 Hours

දෘශ්‍යාබාධිත අපොස සා/පෙළ විභාග අපේක්‍ෂකයින්ට යුද්ධ හමුදාවේ සහාය

මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමට අපේක්‍ෂා කරන දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා සම්මේලනයේ ගාල්ල ශාඛාවේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහයෝගයක් දැක්වීමේ අරමුණින් ජූලි මස 19 සහ 20 දිනයන්හි ගණිතය විෂය සම්මන්ත්‍රණයක් බූස්ස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත එම සේනාංකය විසින් සංවිධානය කළ අතර සම්මන්ත්‍රණය සඳහා මෙවර අපොස සා/පෙළ විභාගයට පෙනී සිටිමට අපේක්‍ෂා කරන දෘශ්‍යාබාධිත ශීෂ්‍ය ශිෂයාවන් 17 දෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගීවු ශීෂ්‍ය ශිෂයාවන්ට එක් රාත්‍රියක් පුහුණු පාසලේ රැඳී සිට සැසිවාරවලට සහභාගීවීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදී.Sports News | adidas Yeezy Boost 350