Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2019 10:37:20 Hours

මින්නේරියේ දී නව ආධුනික සෙබළුන් 138 ක් විසිර යයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ මාස හතරකට අධික කාලයක් පුහුණුව හැදෑරු ආධුනික සෙබළුන් 138 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉකුත් අඟහරුවාදා (02) දින පැවැති වර්ණවත් පෙළපාලියකින් විසිරයන ගියහ.

විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් පී.ජේ. ගමගේ සහභාගි වූ අතර ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ඉතා උණුසුම් අයුරින් එතුමන් පිළිගනු ලැබීය.

මෙහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන්ට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව, පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඩබ්ලිව්.කේ. හේවගේ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම විසිරයාමේ පෙළපාලිය සරඹ, ශාරීරික අභ්‍යාස සංදර්ශන මෙන්ම තූර්ය වාදක සංදර්ශන තුලින් වඩාත් වර්ණවත් විය. පාඨමාලාවේ අතිශූර සෙබළා, දක්‍ෂතම වෙඩික්කරු සහ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස පිළිවෙලින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තවේ සාමාන්‍ය සෙබළ එස්.ඒ.එල්. හෂාන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.එම්.එස්. කුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සාමාන්‍ය සෙබළ සෙනෙවිරත්න සම්මාන හිමි කරගත්හ.Sports brands | nike fashion