Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2019 15:37:13 Hours

යුද්ධ හමුදාව විසින් සංවිධානය කල අපොස උසස් පෙළ භෞතික විද්‍යා සම්මන්ත්‍රණයට මුලතිව් සිසුන් සහභාගි වෙයි

59 වන සේනාංකය යටතේ ස්ථාපිත 592 බලසේනා මුලස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම වසරේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් භෞතික විද්‍යා පුනරීක්‍ෂණ සම්මන්ත්‍රණයක් ඉකුත් සිකුරාදා (19) දින මුල්ලියාවේලි විද්‍යානන්ද ජාතික පාසලේදී පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයේදී, මුල්ලියාවේලි ලංකා බැංකුවේ අනුග්‍රහකත්වය යටතේ ජනප්‍රිය භෞතික විද්‍යා කථිකාචාර්ය ජි. ප්‍රභාහරන් විසින් ඉකුත් සිකුරාදා (19) දින උදෑසන සිට සවස 3.30 පමණ වන තෙක් විෂය පිළිබඳ හරවත් දේශණයක් සිදුකරන ලදි.

මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.පි.පි ප්‍රනාන්දු සහභාගි වු අතර මෙම සම්මන්ත්‍රණය සඳහා විද්‍යානන්ද ජාතික පාසල, මුලතිව් විද්‍යාලය, වෙම්මලයි විද්‍යාලය සහ පුදුකුඩුඉරිප්පු විද්‍යාලය යන පාසල් නියෝජනය කරමින් සිසුන් 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ. Sport media | Nike Running