Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2019 15:32:27 Hours

11 වන සේනාංකය මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂක පියවරයන් පිළිබඳ සාකච්ඡා කරයි

වාර්ෂිකව පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහැර මංගග්‍යයේ ආරක්ෂක සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉකුත් සිකුරාදා (19) දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 111 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්.බී.ඩබ්.එම්.ආර්.එස්.පි අලුවිහාරේ, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එන් සිසිර කුමාර මහතා මෙන්ම යුද, නාවික, ගුවන් සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මහජනතාවට අපහසුතාවයකින් තොරව කිසිදු ප්‍රචණඩකාරි සිදුවීමකින් ඇති නොවන පරිද්දෙන් මෙම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක පියවරයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.trace affiliate link | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth