Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2019 13:30:21 Hours

එකම කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ නිලධාරීන් 8 දෙනෙකු යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ තනතුර හොබවයි

වර්ෂ 1986 ජුනි මස 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙත බැඳි කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 24 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මුලික යුද පුහුණුව සාර්ථකව හදාරා දෙවන ලුතිතන්වරුන් ලෙස විසිර යාමෙන් අනතුරුව ඉතා දුර්ලභ අහඹු සිදුවීමක් ලෙස කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ බ්‍රිගේඩියර්වරුන් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැනට යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ තනතුරු හොබවනු ලබයි.

එකම කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ බ්‍රිගේඩියර්වරුන් පහතින් දැක්වෙයි :

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් එස්.පි සෙනෙවිරත්න

(මාණ්ඩලික රාජකාරී අධ්‍යක්‍ෂ)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ බ්‍රිගේඩියර් පී.ඩබ්.ජි.ජේ.කේ විජේසුන්දර

(මූල්‍ය කළමණාකරා අධ්‍යක්‍ෂ)

ශ්‍රී ලංකා පොලිස් හේවා බළකායේ බ්‍රිගේඩියර් ඊ.ආර්.පී වීරවර්ධන

(වත්කම් කළමනාකරණ අධ්‍යක්‍ෂ)

ශ්‍රී ලංකා පොලිස් හේවා බළකායේ බ්‍රිගේඩියර් එල්.පී.ආර් ප්‍රේමලාල්

(විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ)

ගැමුණු හේවා බළකායේ බ්‍රිගේඩියර් ඩබ්.එල්.පී.ඩබ් පෙරේරා

(රණ සේවා අධ්‍යක්‍ෂ)

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ජි.ඩි.එන් ජයසුන්දර

(මානුෂිය මෙහෙයුම් හා මානුෂියවාදී නීති අධ්‍යක්‍ෂ)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ බ්‍රිගේඩියර් ඩබ්.ඒ.පී.එම් විජේසිංහ

(යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ)

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ බ්‍රිගේඩියර් ඒ.එල්.පී.එස් තිලකරත්න

(විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ)

පසුගියදා, මෙම අධ්‍යක්‍ෂවරුන් කණ්ඩායම යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. Asics footwear | Autres