Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2019 11:02:21 Hours

නවතමයෙන් පත්වීම් ලැබු යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති 51 වන සේනාංකයේ සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය පසුගිය බ්‍රහස්පතින්දා (18) දින කෝපායි ප්‍රදේශයේ පිහිටි 51 වන සේනාංක මුලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කරන ලදි.

51 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව අඥාපතිතුමන් 51 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ලලිත් රත්නායක විසින් එම සේනාංකයේ කාර්යභාරය සහ වගකීම් මෙන්ම ප්‍රතිසන්ධානය හා ප්‍රජා සුභසාධනය ව්‍යාපෘති පිළිබඳව ද සවිස්තරාත්මක විස්තරයක් එතුමන් වෙත ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව, ආඥාපතිතුමන් එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතු අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් රැසක් ද සහභාගි වූහ. Sports brands | Jordan Release Dates , Iicf