Header

Sri Lanka Army

Defender of the Nation

19th July 2019 15:03:21 Hours

කමාන්ඩෝ භටයින් වෙනුවෙන් ඉදිකල ඩිජිටල් සටන් පුහුණු ඒකකය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් සුරතින් විවෘත කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද ප්‍රථම ඩිජිටල් සටන් පුහුණු ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී විවෘත කරන ලදී.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් පුහුණු කටයුතු සඳහා වර්තමානයේ භාවිතා කළ හැකි නව ඩිජිටල් සටන් පුහුණු ඒකකය හඳුන්වාදීම තුලින් රටට විශාල වියදමක් ඉතිරි කරගැනීමට හැකිවන අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ පුහුණුව ලෝකයේ අනෙක් වෘත්තීය හමුදාවන්ගේ මට්ටමට ඉහල නැංවීමට කටයුතු කිරීමට හැකිවනු ඇත. ඒ පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රශංසා කළේය. මෙය පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට අනුයුක්ත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ පර්යේෂකයෙකු මෙන්ම නිර්මාණකරුවෙකු වන මේජර් එන්.ඒ.බී.එම්.එස්. නිශ්ශංකගේ නවෝත්පාදනයක් විය.

මෙම අඩුවියදම් ඩිජිටල් සටන් පුහුණු ඒකකය, සජීවී වෙඩි තැබීමේ පහසුකම්වලින් ද සමන්විත වන අතර පුද්ගලයන් පැහැරගැනීමේ ද ඔවුන් මුදවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් කමාන්ඩෝ භටයින් පුහුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය කළ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එස්.පී. සිල්වා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් (ආචාර්ය) තිරාන් ද සිල්වා ගේ උපදෙස් මත කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපනය කරන ලදී. spy offers | Nike Shoes