Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2019 22:09:24 Hours

නුදුරේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසය පිළිබඳ සාකච්ඡා කරයි

මෙම වසරේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ‘ස්පියර්’ අභ්‍යාසයට සම්බන්ධ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ලුතිතන් කර්නල් රිචඩ් ජේම්ස් මෝල්ට්බි (Richard James Maltby) ගේ නායකත්වයෙන් යුත් එක්සත් රාජධානී ඒකාබද්ධ හමුදා මුලස්ථානයේ මෙහෙයුම් සම්බන්ධතා සහ පුනරුත්ථාපන කණ්ඩායම (OLRT) පසුගිය සඳුදා (15) දින මඩකලපුව ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හමුවිය.

මෙම නියෝජිතයන්ගේ නැගෙනහිර සංචාරය සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) ද සහභාගි විය.

මෙම සුහද හමුව අතරතුරදී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ පැමිණි නියෝජිත කණ්ඩායම අතර ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අභ්‍යාසය හා සැබැඳි ක්‍රමවේදයන් සහ වෙනත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගන්නා ලදී.

මෙම සාකච්ඡාව අවසානයේ දෙපාර්ශවය අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. Nike Sneakers Store | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4