Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2019 22:15:05 Hours

ගුවන් සංක්‍රමණික බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමණික බලසේනාවේ 20 වන බලසේනාධිපති ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ කර්නල් ඩි.එන්.ජේ. ප්‍රනාන්දු ඉකුත් සිකුරාදා (12) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

එසේම, බලසේනාවේ භටපිරිස් ඇමතූ නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීමෙන් අනතුරුව සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. තවද, මෙම අවස්ථාව සඳහා 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 1 වන ගැමුණු හේවා බලඇණියේ හා 5 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීන් මෙන්ම ගුවන් සංක්‍රමණික බලසේනා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක සහ එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. buy shoes | Air Jordan