Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2019 20:24:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අන්තර් ඒකක සරඹ තරඟාවලිය සාර්ථකව නිමාවට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා අන්තර් ඒකක සරඹ තරඟාවලිය ඉකුත් අඟහරුවාදා (09) දින ගිරිතලේ, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම තරඟාවලියේ හොඳම ඛණ්ඩය ලෙස ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

සරඹ තරඟාවලියේ ජයග්‍රාහි කණ්ඩායම් වෙත කුසලාස පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඒ.එල්. ඉලංගකෝන් සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ.

තරඟාවලියේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් අනුරාධපුරයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් හිමිකරගත්හ. Running sneakers | Nike Shoes