Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2019 20:53:05 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාසල් උපකරණ මිලදී ගෙන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් සඳහා බෙදාදෙයි

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට උපකාර කිරීමේ අරමුණින් පසුගිය අඟහරුවාදා (9) දින ඔඩ්ඩුසුඩාන්, සින්න සලම්බන් ඊෂ්වරන් විද්‍යාලයේ දී පාසල් උපකරණ තොගයක් බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ දී තෝරාගත් පාසල් සිසුන් 30 දෙනෙකු වෙත පාසල් බෑග් ඇතුළු උපකරණ තොගයක් බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඩී.සී.කේ. කොස්තා සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා ගුරුවරුන්, පාසල් සිසුන්, දෙමාපියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ. bridgemedia | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf