Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2019 20:36:39 Hours

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරි අරඹයි

නව යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර පසුගිය බ්‍රහස්පතින්දා (11) දින මත්තේගොඩ පිහිටි යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී රාජකාරි අරඹන ලදී.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානය වෙත සපැමිණි නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු තුමන්ට ප්‍රධාන දොරටුව අභියස දී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු තුමන් සියලුනිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර එම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් අමතන ලදී.

මේජර් ජෙනරාල් නානායක්කාර නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කරන ලදී. Sport media | NIKE HOMME