Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2019 17:35:31 Hours

කෝවිල් පරි‍‍‍‍‍ශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදානයක් සංවිධානය කරයි

57 වන සේනාංකයෙහි සේනාංකා‍ධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාර‍නගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාව යටෙත් ස්ථාපිත 9 වන විජයබාහු පාබල හමුදා සාමාජිකයින් විසින් පසුගිය සෙනසුරාදා (6) දින භාරතිපුරම් දුර්ගා අම්මාන් කෝවිල සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කරන ලදි.

කෝවිල් පූජකයින් සහ බැතිමතුන් ඇතුළු සිවිල් ජනතාවට සහාය දැක්වීමේ අරමුණින් මෙන්ම ඔවුන් අතර සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම පිරිසිදු කිරීමේ ශ්‍රමදානය සඳහා සිවිල් ජනතාව සමඟ එක් යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සහභාගී විය. Running sports | Nike Shoes