04th July 2019 13:39:45 Hours
11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයකට අනුව කොළඹ යුද හමුදා රෝහලේ යුද හමුදා නිවාරණ වෛද්ය හා මානසික සෞඛ්ය පිළිබඳ කථිකාචාර්යවරුන් සහ සිවිල් උපදේශකයින් කිහිප දෙනෙකු විසින් ‘සියදිවි හානිකරගැනිම වැළැක්වීම සහ ගැටළු විසඳීම පිළිබඳව මනෝවිද්යාත්මක වැඩසටහනක්’ ඉකුත් අඟහරුවාදා (2) දින කුන්ඩසාලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථාන ශ්රවනාගාරයේදී පවත්වන ලදී.
11 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එම සේනාංක මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු නිලධාරීන් 43 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 335 දෙනෙකුන් පමණ සහභාගී වූහ. Sports brands | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp