Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2019 13:43:33 Hours

නික්ම යන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට 58 වන සේනාංකයේ ගෞරවාචාරය

නික්ම යන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයෙන් සමුගැනීමට ප්‍රථමයෙන් ගාල්ලේ පිහිටි 58 වන සේනාංකයේ ඉකුත් බදාදා (3) දින සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආඥාපතිතුමන් වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම අවස්ථාව සනිටුහන් කිරිම වෙනුවෙන් එම භූමී පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව එතුමන් යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව භටපිරිස් ඇමතූහ.

මෙම අවස්ථාව වෙනුවෙන් අදාළ සේනාංකයන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු තවත් යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය. latest Nike Sneakers | UOMO, SCARPE