Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2019 13:44:33 Hours

මී මැසි පාළනය පිළිබඳව සිවිල් වැසියන් දැනුවත් කරයි

සිවිල් වැසියන් අතර විකල්ප ආදායම් උත්පාදනය කරන දේශීය කර්මාන්තයක් ලෙස මී මැසි පාලනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් පරිදි මෙම විෂය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින මල්ලවි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.

සිලෝන් බී හනී (පුද්) සමාගමේ සම්පත් ඉන්දික සහ තිස්ස බන්ඩාර තඹවිට යන මහත්වරුන් විසින් එම පාසලට පැමිණ සිටි සිසුන් 65 ක්, ගුරුවරුන් 05 ක් සහ හමුදා නිලධාරීන් 04 දෙනෙකු සඳහා මී මැසී පාලනය පිළිබඳ උපදේශනාත්මක දේශනයක් සිදු කරන ලදී. latest Nike release | Nike Shoes