Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2019 16:57:41 Hours

කතරගම සේවය කරන ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලෝහ පරීක්‍ෂණ උපකරණ තොගයක් ලබාදෙයි.

කතරගම කලාපයේ ආරක්‍ෂක කටයුතු වල නිරතවන ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් ආරක්ෂක පරීක්ෂාවන් සඳහා ලෝහ පරීක්‍ෂණ උපකරණ තොගයක් (metal detectors) ඉකුත් අඟහරුවාදා (2) දින රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ විසින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඇතුළු පොලිස් නිලධාරීන් වෙත ලබා දී තිබේ.

කතරගම පැවැත්වෙන වාර්ෂික ඇසළ පෙරහැර සමය ආරම්භ වීමත් සමඟ එම ප්‍රදේශයන් තුළ දැඩි ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කර ඇති හෙයින්, උත්සව සමය යෙදී ඇති ජුලි මස 3 වන දින සිට 17 වන දින දක්වා දහස් ගණනක බැතිමතුන් එම භූමී පරිශ්‍රය තුළට පැමිණෙන බැවින් ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලීසියට සහාය වීම සඳහා යුද්ධ හමුදා නිලධාරීන් යොදවා ඇත.

ඒ හා සමානව, උතුරු හා නැගෙනහිරින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් 12 වන සේනාංකයේ ප්‍රධාන දොරටුව අසල ඉකුත් අඟහරුවාදා (2) දින දන්සලක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දන්සල් කාර්යය මණ්ඩලය සමඟින් සම්බන්ධවී පැමිණෙන බැතිමතුන්ට ආහාර පාන වලින් සංග්‍රහ කරන ලදී. Best Sneakers | Nike Dunk - Collection - Sb-roscoff