Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2019 13:45:33 Hours

නික්මයන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට එතුමන් කළ අමිල සේවය පැසසුමට ලක්කරමින් යුද්ධ හමුදා ගෞරවාචාරය පුදකරනු ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරේ නව රාජකාරී භාරගැනීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ධුරයෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා පසුගිය අඟහරුවාදා (2) දින නික්ම යන ලදී.

මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 17 වන ආඥාපතිවරයා ලෙස කටයුතු කළ අතර එතුමන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (4) දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබිනි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් නික්මයෑම සනිටුහන් කිරීම වෙනුවෙන් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා 21,54,56,61 සහ 62 සේනාංකයන්හී සංචාරය නිරතවූ අතර එහිදී එතුමන්ට යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූල ආචාරයන් පිරිනමනු ලැබීය.

නික්මයන ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ විධිමත් සංචාරයේදී ඔහුගේ සේවය අගය කිරීම සඳහා සියලු නිලයන් විසින් එතුමන් හට දිවා ආහාර වේලක් පිළියෙල කරනු ලැබිනි. යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය, නවාතැන් පහසුකම්, නිවාස ඉදිකිරීම් වැනි සංකල්පිත ව්‍යාපෘතීන් හරහා වන්නි ආරක්ෂක සේනාව වෙනුවෙන් සිදුකල සුභසාදන ව්‍යාපෘතීන් අගයමින් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් ඔහුගේ ආදර්ශමත් නායකත්වය සහ විශිෂ්ට සේවය අගය කරමින් අදහස් දැක්වුහ.

ඊට අමතරව, එම සමස්ත සේවාවන් මෙන්ම එතුමන් ඇසුරු කිරීමේදී ඔහුගේ නිහතමානිකම සහ සැබෑ ගුණාංගයන් පිළිබඳ අගයකිරිමක් ලෙස වන්නි ආරක්‍ෂක සේනාව මූලික කොටගත් සහෝදර සේවාවන් සහ පොලීසිය එක්ව එතුමන් සමඟ සුහඳ කතාබහක නිරතවිය. සියලු ජනවාර්ගික කණ්ඩායම් අතර ප්‍රතිසන්දාන ප්‍රයත්නයන් හා සමගිය ශක්තිමත් කිරීම සඳහා මෙම ආදර්ශමත් චරිතය දැරූ අඛණ්ඩ උත්සාහය පැසසුමට ලක් කරමින් එතුමන් සිය ධුරයෙන් ඉවත්වීමට නොබෝ දිනකට පෙර සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන කොටස් නියෝජනය කරමින් සිවිල් සාමාජිකයින් ද එතුමන් හට ඔවුන්ගේ සුභ පැතුම් පිරිනමනු ලැබිනි.

සියළුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් සෙසු නිලයින් ගණනාවක් එම මූලස්ථානයේ පැවති සමුගැනීමේ උත්සවය සඳහා එක්විය.

21, 54, 56, 61 සහ 62 සේනාංකයන් සහ ඉදිරි නඩත්තු ප්‍රදේශය (උතුරු මැද) නියෝජනය කරමින් භට පිරිස් විසින් පවත්වනු ලැබූ පෙළපාලියකින් නික්ම යෑමේ උත්සවය වර්ණවත් විය. එහිදී, නික්ම යෑමට සූදානම්ව සිටින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ක්‍රීඩාංගණයේ රැස්ව සිටි සියළුම භටපිරිස් ඇමතූ අතර ඔහුගේ ධුර කාලය තුළදී කැපවූ දේශප්‍රේමී සොල්දාදුවන් ලෙස ඔහුට ලබා දුන් සහයෝගයට එතුමන්ගේ අවංක කෘතඥතාවය පළ කරනු ලැබිනි. අවසාන වශයෙන් නික්මයන ආඥාපතිතුමන් සියළුම නිලධාරීන්ට මෙන්ම සෙසු නිලයින්ට සුබ පතමින් පිටව ගිය අතර පාර දෙපස සිටි භටපිරිස් එතුමන් ගමන් කරන මෝටර් රථය මූලස්ථාන පරිශ්‍රය පසුකර යන විට මාර්ගය දෙපස රැස්ව සිටි පිරිසගේ ජය ශ්‍රී හඬ මධ්‍යයේ නික්ම යන ලදි.

සියළුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය නියෝජනය කරමින් සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය. jordan release date | Air Jordan