Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2019 17:29:41 Hours

යාන්ත්‍රික පාබල බලසේනාවේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල ආකර්ෂණීය නිලධාරී නිවස්නය විවෘත කරයි

යාපනය, අයියකච්චි ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල බලසේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකල නිලධාරී නිවස්නය ඉකුත් අඟහරුවාදා (02) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ගේ ප්‍රධානත්වයේ පැවැති උත්සවයකදී විවෘත කරනු ලැබීය.

දඹුල්ල ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ මූල්‍යමය දායකත්වය ඇතිව නව නිලධාරී නිවස්නය නවීන පහසුකම් සහිතව එම රෙජිමේන්තුවේ හී ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්. බාලචන්ද්‍රන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව පීත්ත පටිය කපා සමරුඵලකය නිරාවරණය කරමින් අභිනවයෙන් ඉදිකල නිලධාරී නිවස්නය විවෘත කරන ලදී.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව නිලධාරී නිවස්නය නිරීක්‍ෂණය කල අතර එහි අභ්‍යන්තර සැලසුම් හා එහි ඇති පහසුකම් පිළිබඳව විමර්ශනය කරන ලදී. latest jordan Sneakers | jordan Release Dates