Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2019 15:46:11 Hours

මුලතිව් භටපිරිස් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතීන් කිහිපයක් දියත් කරයි

දිවයින පුරා ක්‍රියාත්මක වූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත ජූනි මස 19 දින සිට ජූලි මස 01 දින දක්වා එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.

ඒ අනුව, ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ටී.එම්.ජි.බී. තෙන්නකෝන් විසින් ජූනි මස 19 වන දින නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

ඉන් දින කිහිපයකට පසු, ජුනි මස 25 දින 68 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් පුදුකුඩියිරිප්පු නගර මධ්‍යයේ පුළුල් LED තිරයක් ස්ථාපිත කර මත්ද්‍රව්‍ය නිවාරණයේ වැදගත්කම පිළිබඳ වූ දැනුවත් කිරීමේ වැඩසටහන් එම තිරය මත ප්‍රදර්ශනය කළේය. එමෙන්ම, 59 වන සේනාංකයේ මූලිකත්වයෙන් මුලතිව් නගර මධ්‍යයේ එවැනිම LED තිරයක් ස්ථාපිත කර සමාජයේ මත්ද්‍රව්‍යවල බලපෑම පෙන්නුම් කරන වාර්තාමය චිත්‍රපටයක් ද ප්‍රදර්ශනය කළේය.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව ජූනි මස 26 දින, කෝකිලායි කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 593 වන බලසේනාව විසින් සංවිධානය කරන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ගැමුණු හේවා බලඇණියේ කපිතාන් අයි. සුරවීර විසින් මෙහෙයවනු ලැබීය.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් ඉකුත් සිකුරාදා (28) දින මනන්කනඩාල් ප්‍රාථමික පාසල, ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලය, සින්නසලාම්බන් ඊශ්වරන් විද්‍යාලය, තන්ඩුවන් රාජයේ දමිළ මිශ්‍ර පාසල, මුතියන්කඩ්ඩු වම් ඉවුර සහ ජීවනගර් ප්‍රජා ශාලාවේ දී පවත්වන ලදී.

මීට අමතරව, මුලතිව් පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක එච්.කේ. ගංගනාත් මහතා විසින්‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඉකුත් සඳුදා (01) දින 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් වෙනුවෙන් පවත්වන ලදී. jordan Sneakers | adidas