Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2019 15:44:11 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් ඉකුත් අඟහරුවාදා (02) දින සිය කාර්යාලයේ දී රාජකාරී කටයුතු ඇරඹීය.

මීට ප්‍රථම, උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස නව ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සිය ධූරයේ රාජකාරි ඇරඹීය.

මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ලෙස ද රාජකාරී කටයුතුවල නිරතවිය. latest Running Sneakers | Nike Running