Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2019 09:10:03 Hours

අම්පාර ප්‍රදේශයේ දහසකට අධික සිවිල් ජනතාව සඳහා දැවැන්ත සංගීත සැඳෑවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ලබාදුන් මාර්ගෝපදේශනයන්ට අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 24 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබු දැවැන්ත සංගීත ප්‍රසංගයක් ඉකුත් සෙනසුරාදා (29) දින අම්පාර එච්.එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මෙම සංගීත ප්‍රසංගයේ මූලික අභිප්‍රාය වූයේ මීට මාස දෙකකට පෙර රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව ජනතාව කෙරෙහි නැවත වරක් පෙර පරිදි රටේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවට විශ්වාසය ඇති කිරීමයි. 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ අම්පාර ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේ සහයෝගය ඇතිව මෙම සංගීත ප්‍රසංගයේ සියලු කටයුතු සංවිධානය කිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ ‘සීදූව සකුරා’ සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ප්‍රවීණ නිවේදකයින් වන නදීක කරුණානායක සහ සුරංගි කොඩිතුවක්කු මෙම ප්‍රීතිමත් සන්ධ්‍යාව වඩාත් අලංකාරවත් හා ආකර්ෂණීය ලෙස වර්ණවත් කරන ලදී.

මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය වර්ණවත් කරමින් සමන් ද සිල්වා, චාලක චමූපතී පෙරේරා, නුවන් ගුණවර්ධන, එම්.ජී. ධනුෂ්ක, නිරුදු අමරසේකර, දමිතා අඹේරත්න සහ ශානිකා වීරසිංහ ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් පසුදා පහන් වනතුරු ගීත ගායනා කළහ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම අවස්ථාව සඳහා අම්පාර, උහන, ඉගිනියාගල, හිඟුරාන, සමන්තුරෙයි ඇතුළු තදාසන්න ප්‍රදේශවල සියලුම ජනවර්ග නියෝජනය කරමින් අති විශාල ජනකායක් එච්.එම්. වීරසිංහ මහජන ක්‍රීඩාංගණයේ පැවැති මෙම දැවන්ත සංගීත ප්‍රසංගය දැකබලා ගැනීම සඳහා එක්රැස් වූහ.

සංගීත රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගී වූ අතර, තවද මෙම අවස්ථාව සඳහා සේනාකාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඒකකයන්හී අණදෙන නිළධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද සහභාගී වූහ. Nike Sneakers | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals