Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2019 06:04:03 Hours

බටහිර යුද්ධ හමුදා සාමාජිකයින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කරයි

ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින මත්ද්‍රව්‍ය නිවාරණ කිරීමේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ සුමිතුරෝ මෙල්මෙදුරා සහ විස්ටා උපදේශණ සේවයේ උපදේශක රසික වීරතුංග මහතා විසින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ එහි ජාත්‍යන්තර ජාලය’ පිළිබඳ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින 9 වන ශ්‍රී ලංකා පාබල හමුදා පරිශ්‍රයේදී පැවැත්විණි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ මෙම දේශනය සංවිධානය කරන ලදී. url clone | Air Jordan Release Dates 2020