Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2019 22:41:55 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 බලසේනා මූලස්ථානයේදී ජුනි මස 27 වන දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ හරවත් දේශනයක් පවත්වන ලදී.

යාපනයේ දිස්ත්‍රික්කයේ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ටී.කේ.කේ.ආර්.පී.එච්.කේ. කරුණාරත්න මහතා විසින් මෙහෙයවනු ලැබූ මෙම දේශනය සඳහා 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන (ස්වේච්ඡා) පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ.

එමෙන්ම, තදාසන්න ප්‍රදේශවල සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව දැන්වීම ඇලවීම සහ අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ද දියත් කරනු ලැබීය.Sports News | Nike Shoes, Sneakers & Accessories