Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2019 09:42:32 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් නියඟයෙන් පීඩාවට පත් ආරෝග්‍යාපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පානීය ජලය සපයයි

නියඟයෙන් පීඩාවිදින ප්‍රදේශයේ සිවිල් වැසියන් පිළිබඳ අවධානයක් යොමු කළ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් යුද්ධ හමුදා ජල බවුසර් යොදාගනීමින් පානීය ජලය ලබාදීමේ ජංගම ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ආරෝග්‍යපුරම් ප්‍රදේශයේ පීඩාවට පත් පවුල් 55 කට වැඩි පිරිසකට පානීය ජලය සැපයිමේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය සිදුකිරීම වෙනුවෙන් ඔවුන් යුද්ධ හමුදාව වෙත සිය ස්තූතිය පුද කරනු ලැබීය. කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින ආරම්භ කෙරුණු මෙම ප්‍රජා ව්‍යාපෘතිය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. Sport media | Nike Running