Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2019 09:04:03 Hours

තේවන්පිඩ්ඩි වෙරළ පිරිසිදු කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින් දායකවෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පරිසර හිතකාමී ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සමඟ එක්ව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චි, තේවන්පිඩ්ඩි ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ දැවන්ත ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සහභාගි වූහ. Nike Sneakers | Nike Off-White