Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2019 14:15:08 Hours

හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලුණුගල ප්‍රදේශයේ ජූනි මස 30 වන දින හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහයෝගය දැක්විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත යුහුසුළුව ක්‍රියාත්මක වූ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 22 කින් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයකින් අනතුරුව ගින්න මැඩපැවැත්වීමට සමත්විය. bridgemedia | New Balance 991 Footwear