29th June 2019 19:24:48 Hours
හේමාස් සමූහය ව්‍යාපාරයේ සමාජ වගකීම් ව්‍යාපෘතිය යටතේ සපයන ලද මූල්‍යමය ආධාර යොදාගනීමින් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ඉංජිනේරු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව පෙර පාසලක් ඉදිකරන ලදී.
හේමාස් සමුහ ව්‍යාපාරයේ විධායක කළමණාකාර ශිරෝමී මාසකෝරාළ මහත්මිය සහ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා පෙර පාසල් ඉදිකිරීම ප්‍රථමයෙන් වන්නි ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව, බණ්ඩාරවෙල ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකල පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු සාර්ථක කරගැනීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිර වඩුගේ සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී දායකවිය.
අභිනවයෙන් ඉදිකරන ලද පෙර පාසල ඉකුත් සිකුරාදා (28) දින දෙමාව්පියන්, සිසුන්, බණ්ඩාරවෙල නගරාධිපති සහ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූලව විවෘත කරන ලදී. Nike Sneakers Store | adidas Yeezy Boost 350