Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2019 22:42:55 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සඳහා වැඩි ආදායමක් උත්පාදනය කළ හැකි බෝග වගා ක්‍රමයක් හඳුන්වා දෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සංකල්පයක් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සොල්දාදුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ඉකුත් අඟහරුවාදා (25) දින තවත් බහුකාර්ය අධ්‍යාපනික හා දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම නිලයන්ගේ ප්‍රයෝජනය සඳහා පවත්වනු ලැබීය.

ඒ අනුව, කෘෂිකාර්මික ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික වශයෙන් ප්‍රයෝජනවත් බෝග නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වූ පුහුණු සැසි මාලාවක් ආරක්‍ෂක හමුදා මූලස්ථානයේ දී සංවිධානය කරන ලදී. එහිදී ටී.ජේ.සී. අඹ වගාව පිළිබඳ දේශනයක් ඇල්ලවල උද්‍යාන විද්‍යා (පුද්ගලික) සමාගමේ කළමනාකරු අයි. ජී. වීරසූරිය මහතා සහ ඔහුගේ සහායිකාව වන චන්දිමා මධුෂානි මහත්මිය විසින් පවත්වන ලදී.

සොල්දාදුවන්ට අමතර ආදායම් මාර්ගයක් සැපයීම අරමුණු කරගෙන ඉකුත් (26) දින තිස්ස බණ්ඩාර තඹවිට මහතා විසින් මී මැසි පාලනය පිළිබඳව සොල්දාදුවන් දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. තවද, ‘බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය’ හි ලේකම් ආර්. ඒ. ටී. කේ .එම් රණවීර මහතා විසින් හතු වගාව පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී.

මෙම සැසිවාරයේ සමාප්ති උත්සවය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එන්.කේ.ජී.කේ. නෙම්මාවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින දලූකන 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරි ශසික වාසලගේ මහතා සහ ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා කාන්තා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, 23 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කපිල උඳළුපොළ, නැගෙනහිර ආරක්‍ෂක සේනාංකයේ බ්‍රිගේඩිර් පාලන හා භටකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් මයිකල් වන්නිආරච්චි, 232 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොෂාන් ජයමහ, 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්. ඇල්විටිගල මෙන්ම 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.ජී.එම්. ප්‍රේමතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. Sneakers Store | Nike nike dunk high supreme polka dot background , Gov