Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2019 10:46:23 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක්දෙමින් අභිමානවත් අයුරින් සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා පවත්වා පසුදින මහා සංඝරත්නය විෂයෙහිලා දානය පිළිගැන්වීම ඇතුළු ආගමික වැඩසටහන් මාලාවක් ඉකුත් බදාදා (26) දින ආරම්භ කෙරිණි.

මඩුකන්ද මහා විහාරයේ සිට මහා සංඝරත්නය පෙරහැරකින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ මනාව සකස් කරන ලද පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් අනතුරුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය විසින් මහා සංඝරත්නය වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පසුදින (27) පහන් වනතුරු පිරිත් සජ්ඣායනා කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය. මෙහිදී, යුද්ධ හමුදාවට සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු සියලුම සාමාජිකයින්ට ආශිර්වාද එක් කළහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සාමාජිකයින් පසුදින (27) උදෑසන මහා සංඝරත්නය විෂයෙහිලා හිල්දානය පිළිගැන්විය. මෙම ආගමික අවස්ථාව සඳහා සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරයට ආශිර්වාද එක්කිරීමේ හින්දු ආගමික පූජාවක් ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින ඉරනමඩු, කනකගම්බිගායි අම්මාන් කෝවිලේ දී පැවැත්විණි. එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා (28) දින කිලිනොච්චි ජූම්මා මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික වැඩසටහනක් පැවැත්විණි.

තවද, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 10 වන සංවත්සරයට ආශිර්වාද එක්කිරීමේ කතෝලික දේවමෙහෙයක් භටපිරිස් විසින් කිලිනොච්චි ශාන්ත තෙරේසා දේවස්ථානයේ දී සංවිධානය කරන ලදී.

සංවත්සර දිනයේ (29) කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ගෞරවාන්විතව පිරීනමන ලදී.

ඉන් අනතුරුව, සියලු නිලයින් සමඟ සමුහ ඡායාරූපයකට පෙනීසිටි ආඥාපතිතුමන් සංවත්සර දිනය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර සංවත්සරයට සමගාමීව පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහය සඳහා ද සහභාගි විය. Sports Shoes | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD