29th June 2019 18:23:17 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංක මූලස්ථානය විසින් මෑත ඉතිහාසයේ ප්‍රථමවරට සංවිධානය කරන ලද දැවැන්ත සංගීත ප්‍රසංගය ඉකුත් සෙනසුරාදා (22) දින සන්ධ්‍යාවේ ආරම්භ කල අතර පදවිය, පරාක්‍රමපුර, ශ්‍රී පුර, වැලිඔය සහ තදාසන්න ප්‍රදේශවල සිවිල් වැසියන් විශාල පිරිසක් විනෝදාස්වාදයට පත් කරමින් සංගීත ප්‍රසංගය ඉරිදා (23) දින පහන් වනතුරු පැවැත්විණි.
අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රට යථා තත්ත්වයට පත්වී ඇති හෙයින්, ජනප්‍රිය ‘සීදුව සකුරා’ සංගීත කණ්ඩායමේ සහාය ඇතිව ප්‍රවීණ නිවේදකයින් වන නදීක කරුණානායක සහ සුරංගි කොඩිතුවක්කු මෙම ප්‍රීතිමත් සන්ධ්‍යාව වඩාත් අලංකාරවත් හා ආකර්ෂණීය කරවමින් පැමිණ සිටි සියලුදෙනාගේ වෙහෙසකර ජීවිතවල කනස්සල්ල මෙහොතකට අමතක කරමින් පැය කිහිපයක් තිස්සේ ඔවුන් විනෝදාස්වාදයට පත් කළහ.
සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි අභිප්‍රාය ඇතිව, මහජන විශ්වාසය සහ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා විනෝදාත්මක වැඩසටහන් දියත් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත උපදෙස් ලබාදුන්හ.
ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ ගේ මුලිකත්වයෙන් මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය සාර්ථකව දියත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලදී.
මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය වර්ණවත් කරමින් සේනානායක වෙරලියද්ද, ප්‍රියංකර පෙරේරා, දයාරත්න පෙරේරා, සුසිල් ප්‍රනාන්දු, ටෝනි හසන්, ජොලි සීයා, සුප්‍රියා අබේසේකර, අවන්ති නිරන්ජලා සහ අමිලා නදීෂානී ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් පසුදා පහන් වනතුරු ගීත ගායනා කළහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර 21, 54, 56, 61 හා 62 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ. Sports Shoes | Klær Nike