29th June 2019 18:24:48 Hours
සිවිල් සේවක මහතුන්ගේ ශ්‍රමය, ආකල්ප, ප්‍රවේශයන් සහ ධනාත්මක චින්තනය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රාජකාරි සඳහා වූ ඔවුන්ගේ කැපවීම ප්‍රබෝධමත් කරමින් වෘත්තීය ඵලදායිතාව සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (25) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 180 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩමුළුව මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පූර්ණ සම්බන්ධතාවය ඇතිව සංවිධානය කරන ලදී.
මුලිතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් දැනුවත් කිරීමේ මෙම වැඩමුළුව ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පුහුණු නිලධාරී ඉරෝන් ප්‍රසාද් ජයසේකර මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ එල්.ඩි.සී. මහානාම මහතා සහ සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පුහුණු නිලධාරී එම්.පී. පීරිස්යාලගේ සහභාගි වූහ. Running Sneakers Store | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4