Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2019 15:36:38 Hours

නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් වී. වීරක්කොඩි ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹනු ලැබීය.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් එම්.ඒ.ඒ.ඩී. සිරිනාග සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව බ්‍රිගේඩියර් වී. වීරක්කොඩි සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

සිය ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම එතුමන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස ද කටයුතු කර තිබිණී.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු  සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. spy offers | NIKE RUNNING SALE