Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2019 20:07:15 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් දිරීගන්වමින් තවත් පාසල් උපකරණ තොගයක් බෙදාදෙයි

තුන්නාලෙයි දකුණු රජයේ දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ හිඟකමින් අපහසුතාවයට පත්වී ඇති බව දැනගැනීමෙන් අනතුරුව එම පාසලේ සිසුන් 96 දෙනෙකු වෙත ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගමේ අනුග්‍රහය ද ඇතිව ලිපිද්‍රව්‍ය, අභ්‍යාස පොත් සහ පාසල් බෑග් ඇතුළු තවත් පාසල් උපකරණ තොගයක් පසුගියදා පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කරන ලද අතර එම පරිත්‍යාග වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (14) දින එම විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට 551 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වඩමාරච්චි අතිරේක ප්‍රදේශීය ලේකම්, පේදුරුතුඩුව අධ්‍යාපන කලාප අධ්‍යක්‍ෂ, ඩේවිඩ් පීරිස් පුද්ගලික සමාගමේ යාපනය දිස්ත්‍රික් කළමණාකරු, නෙල්ලිඩි පොලිස් ස්ථානය භාර නිලධාරී, විදුහල්පති, ගුරුවරුන් ඇතුළු එම පාසලේ සිසු සිසුවියන් ද සහභාගි වූහ. best Running shoes brand | Asics Onitsuka Tiger