Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2019 18:59:59 Hours

කාදිනල්තුමන් පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ සංචාරයක

කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත්වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ සංචාරයක ඉකුත් සෙනසුරාදා (15) දින නිරතවිය.

මෙම අවස්ථාවට පැමිණි කාදිනල් පියතුමන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මඩකලපුව අගරඳගුරු නිවස වෙත කැඳවාගෙන යන ලදී.

මෙහිදි, අගරඳගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් පූජ්‍ය ආචාර්ය ජෝෂප් පොන්නයියා පියතුමන්ට, පූජ්‍ය රෝෂාන් මහේෂාන් පියතුමන්ට සහ අනෙකුත් පූජකයින්ට සිය සංවේගය පල කළ අතර යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරනු ලබන දේවස්ථානය ද නිරීක්‍ෂණය කළහ.

ඉන් අනතුරුව, අගරඳගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් සිය සංචාරය අවසන්වීමට ප්‍රථමයෙන් පාස්කූ ඉරිදා ප්‍රහාරයෙන් විපතටපත් පවුල් කිහිපයක් හමුවී සුහදව අදහස් හුවමාරු කරගත්හ. Nike footwear | jordan Release Dates