Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2019 20:08:27 Hours

විල්පත්තුව වනෝද්‍යානයේ රෝපණය කිරීම වෙනුවෙන් ආදී ආනන්දීයන් පැළ පරිත්‍යාග කරයි

යුද්ධ හමුදාව විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිනෙන් දින වැඩිවෙමින් පවතින මහජනතාවගේ සහයෝගය යළිත් තහවුරු කරමින් 81 වන කණ්ඩායමට අයත් වන ආදී ආනන්දීයන් විසින් පැළ 5000 කට අධික ප්‍රමාණයක් සහ පැළ සිටුවීම සඳහා පස් කැණීමේ යන්ත්‍රයක් සිකුරාදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ආදී ආනන්දීය නියෝජිත පිරිසේ ප්‍රධානී 81 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මෙන්ම ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධීකාරක සී.ආර්. සේනානායක මහතා සහ 81 වන ආදී ශිෂ්‍ය කණ්ඩායමේ නියෝජ්‍ය සභාපති නීල් කුරේ මහතා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ මූලආරම්භය පැසසුමට ලක් කල අතර 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර සහ කෘෂිකර්ම හා පශූසම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බුවනෙක ගුණවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගේ සම්බන්ධිකරණය ඇගයුමට ලක් කළහ.

මෙම සුහද හමුවේ දී තවදුරටත් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අනෙකුත් කටයුතු පිළිබඳ සොයා බලා සහාය දැක්වීමට ආදී ආනන්දීයන් කැමැත්ත පළ කර සිටියහ.

ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක තම අභිමානවත් පාසැල් මිතුරන් මෙම වැඩසටහන සඳහා දැක්වූ දායකත්වයට සිය ස්තුතිය පුද කළේය. යුද්ධ හමුදා මූලස්ථානයෙන් නික්මයාමට ප්‍රථම, ආදී ආනන්දීයන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සංකේතාත්මකව පැළ සිටුවීම සඳහා පස් කැණීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. buy footwear | Shop: Nike