Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2019 14:00:17 Hours

නව වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් චානක වරකාගොඩ පසුගිය අඟහරුවාදා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි අරඹනු ලැබීය.

මීට ප්‍රථම වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කල මේජර් ජෙනරාල් එල් විජේසිංහ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් චානක වරකාගොඩ සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී. ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් බ්‍රිගේඩියර් චානක වරකාගොඩ සිය කාර්යාලයේ දී නව ධූරයේ රාජකාරි භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා වැටුප් හා ලේඛණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. affiliate link trace | Nike