Header

Sri Lanka Army

Defender of the Nation

10th June 2019 15:59:33 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විශේෂ ආශීර්වාද පූජාවකට එක්වෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ නාවික හා ගුවන් හමුදා සාමාජිකයින් මෙන්ම එම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (08) දින පොළොන්නරුව උණගල වෙහෙර රජමහා විහාරස්ථානයේදී ‘අරලිය මල් පූජාව’ (අරලිය මල් මිලියනයක් පූජා කිරීම) නමින් විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

දිවයින පුරා බැතිමතුන් විශාල පිරිසක් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මව්බිමට ආශිර්වාද පැතීමේ අරමුණින් උණගල වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දිවුලේ අස්සජි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම විශේෂ පූජාව පවත්වනු ලැබිණි.

මෙම ආශීර්වාද පූජාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Adidas footwear | Nike Shoes