Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2019 16:40:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ සිය සංවත්සරය රෙජිමේන්තු මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ සිය 29 වන සංවත්රය පසුගිය බ්‍රහස්පතින්දා (30) දින හමුදා සම්ප්‍රදායානුකූලව විවිධ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා රෙජිමේන්තු මුලස්ථානයේ පැවති සංවත්සර වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.ජි.ඩි සිරිසේන සහභාගි විය.

රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.ජි.ඩි සිරිසේන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව එතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය.

ඉන් අනතුරුව සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්කරමින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පැවැත්විණි.

ඉන් අනතුරුව සංවත්සර දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රෙජිමේන්තු මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු සැරයන් නිවස්නය සහ භඨ නිවාසය විවෘත කරන ලදි. Sport media | New Balance 991 Footwear