Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2019 17:17:01 Hours

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ නව චෛත්‍යය ඉදිකිරීම වෙනුවෙන් නැගෙනහිර ආඥාපති මුල්ගල තබයි

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආරාධනය මත එම විහාරස්ථානයට නව චෛත්‍යයක් ඉදිකිරීම වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින එම පරිශ්‍රයේ පැවති විශේෂ උත්සව අවස්ථාවකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වු අතර එහිදි අදාළ චෛත්‍යය ඉදිකිරිම වෙනුවෙන් ඊට අදාළ භූමි පරිශ්‍රයේ මුල්ගල තැබීම ද එතුමන් අතින් සිදුවිය.

වැලිකන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය දෙල්විට මෙත්තාලංකාර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එම චෛත්‍ය ඉදිකිරිමට අදාළව මුල්ගල තැබීම නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් මයිකල් වන්නිආරච්චි ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිළයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුවිය. Sportswear free shipping | adidas Yeezy Boost 700 , Ietp