Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2019 16:10:55 Hours

57 වන සේනාංකයේ භටපිරිස් විසින් සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් පැවති සාකච්ඡාවට අවශ්‍ය ආරක්‍ෂාව සපයයි

කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ ඉකුත් ඉරිදා (2) දින සමෘද්ධි ප්‍රතිලාභීන් වෙනුවෙන් පැවති සාකච්ඡාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිසිය එක්ව අවශ්‍ය ආරක්‍ෂාව සපයන ලදි.

මෙම සාකච්ඡාව සඳහා සිවිල් වැසියන් 4500 කට අධික පිරිසක් මෙන්ම අදාළ සහනාධාර ප්‍රතිලාභින් වෙත ලබාදීමේ වගකීම් පැවරි ඇති අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සහභාගි එම අවස්ථාව සඳහා සහභාගි විය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්ෂණය යටතේ 57 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් පොලිසිය සමඟ ඒකාබද්ධව සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් මීට අදාළ ආරක්‍ෂක විධිවිධාන සලසා තිබිණි. Running Sneakers | Nike Shoes