03rd June 2019 16:00:47 Hours
පසුගිය සිකුරාදා (31) දින දියතලාව දුම්රිය ස්ථානය අසල ඇතිවු ලැව්ගින්නක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාලනය කර මැඩපවත්වා තිබිණි.
මෙම ප්‍රදේශයේ දැනට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් එම ගින්න වැඩි වශයෙන් පැතිර ගොස් ඇති බවට කරුණු අනාවරණය විය.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු විසින් පැය කිහිපයක් ඇතුළත ගින්න මැඩපැවැත්වීමට සමත් විය.spy offers | Nike for Men