Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2019 18:16:45 Hours

දුම්රිය ස්ථානාධීපතිවරුන් විසින් ආරක්‍ෂක තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳ අධ්‍යනය කරයි

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධීපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධීපතිවරුන් හට වර්තමාන ආරක්‍ෂක පියවරයන් සහ ඒවායේ වර්ධනයන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විනි. පසුගිය බ්‍රහස්පතින්දා (30) දින මහනුවර 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී මෙම වැඩසටහන පැවැත්විනි.

මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම වැඩමුළුව 11 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සමීප අධික්‍ෂණය යටතේ සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේගේ උපදෙස් මත ලුතිනන් කර්නල් යූ.කේ.බී. සේනානායක සහ මේජර් එච්.එම්.ඒ.බී. හල්කේවෙල විසින් මෙහෙයවනු ලැබීය.

මේ අතර, තවත් එම හේතුවම මූලික කොටගෙන වැඩසටහනක් පසුගිය සිකුරාදා (31) දින නුවරඑළිය 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානයන්හී ස්ථානාධිපතිවරුන් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිනි.best shoes | Nike SB