30th May 2019 13:55:35 Hours
මෑතකදී මේජර් ජෙනරාල් නිළයට උසස් කරන ලද මේජර් ජෙනරාල් ඩබ්.ඒ.කේ.බී උදළුපොල සෙනසුරාඳා (25) දින අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මේජර් ජෙනරාල් ඩබ්.ඒ.කේ.බී උදළුපොල රෙජිමේන්තු මුලස්ථානය වෙත සපැමිණි විට සිය රෙජිමේන්තු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයකින් සහ ආචාර පෙළපාලියකින් ආචාර කරනු ලැබිණි.
එදින න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත සපැමිණි එතුමන් විසින් පුෂ්පෝපාහාර දැක්වීම, සංකේතාත්මකව පැළයක් රෝපණය කිරිම සහ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය. ඉන් අනතුරුව නිලධාරී නිවස්නයේ පැවති විශේෂ දිවා භෝජන සංග්‍රහයකට සහභාගි වීමෙන් පසු එදින වැඩ සටහන් නිමාවට පත්විය.
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 23 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්.ඒ.කේ.බී උදළුපොල රාජකාරි ඉටුකරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් නිලධාරීන් පිරිසක් සහභාගි විය. Sports News | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ