30th May 2019 18:39:54 Hours
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරාගේ උපදෙස් මත, ක්‍රියාත්මක වන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සුභසාධන ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ‘විෂන් කෙයාර් ඔප්ටිකල් ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයේ සහයෝගය ඇතිව වන්නි ප්‍රදේශයේ ඇස් කණ්නාඩි අවශ්‍ය ජනතාවට වෙනුවෙන් ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම සහ විශාල අක්‍ෂි සායනයක් දියත් කරන ලදී.
වව්නියාව සහ ආසන්න ප්‍රදේශවල සිවිල් වැසියන් 300 කට අධික ප්‍රතිලාභීන් අතර පසුගිය බදාදා (29) දිනය පුරාවටම වන්නි ආරක්ෂක මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහන පැවැත්වෙනු ලැබිණි.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලය විසින් මෙම සමාජ සේවා ව්‍යාපෘතිය දියත් කරනු ලැබිණි. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකත්වය දැක්වු ‘විෂන් කෙයාර්’ පුද්ගලික ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි බ්‍රිගේඩියර් පාලන හා භකාස කර්නල් ඉන්දු සමරකෝන් මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ උත්සවය හා ඇස් පරික්‍ෂා කිරීම ආරම්භ කරනු ලැබුවේ සහභාගී වූ ප්‍රතිලාභින් සහ පරිත්‍යාගශිලින් පිළිගැනීමේ කෙටි උත්සවයකින් අනතුරුවය. Buy Sneakers | Nike SB