30th May 2019 18:15:11 Hours
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් උපදෙස් අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගියදා පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී “පූර්ව ළමාවිය සංවර්ධන සහ පෙර පාසැල් ඉගැන්වීම්” පිළිබඳ සය මාසික පාඨමාලාවක් හැදෑරූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන් 20 දෙනෙකු වෙනුවෙන් ඩිප්ලෝමා සහතිකපත් ප්‍රධානය කරනු ලැබිණි.
මෙම පුහුණු වැඩමුළුව ජයසේකර කළමණාකරණ මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂකගේ සම්බන්ධීකරණය සහ අධීක්‍ෂණය යටතේ ආරම්භ විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එම්. මුදන්නායක විසින් මෙම පාඨමාලාව පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සැපයූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජනප්‍රියත්වය හේතුවෙන් සහ ඔවුන්ගේ සේවය දීර්ඝකාලීනව ලබාගැනීමේ අරමුණින් එම ඒකකය යටතේ මෙම පෙරපාසල් පාලනය වනු ලැබේ.
1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ජී.ඩබ්.සී. මදුෂානී, 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ජේ.එල්.එච්.එම්. ජයවර්ධන සහ 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ජේ.එම්.ඊ.එන්. ජයසුන්දර මෙම පාඨමාලාවේ දක්‍ෂතම සාමාජිකයින් විය.
පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණූ , ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරීතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ද මෙම උත්සවය සඳහා සහභාගී වනු ලැබිණි. Running sport media | Men’s shoes