Header

Sri Lanka Army

Defender of the Nation

30th May 2019 13:57:35 Hours

අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියලි සළාක පිරිනමයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුමගේ මෙහෙයවීමෙන් අඩු ආදායම්ලාභී පවුල් 45 ක ප්‍රතිලාභීන් සඳහා වියලි සළාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් තුනුක්කායි, ආලන්කුලම් ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වියලි සළාක බෙදාදීම සිදුකරනු ලැබිණි. මෙම වියලි සළාක බෙදාදීම සඳහා ආලන්කුලම් ග්‍රාම නිලධාරී කාර්‍යාලය වෙත සියළු ප්‍රතිළාභීන්ට ආරාධනා කිරීමෙන් අනතුරුව සිදුකෙරුණු අතර වියලි සළාක පාර්සල් ලැබීම සඳහා සුදුසු පවුල් තෝරාගැනීමට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීතුමන්ද සිය සහය දැක්විය.

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651, 652 සහ 653 බළසේනාවන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝදෙනෙකුද මෙම වියලි සළාක බෙදාදීමේ අවස්ථාවට සහභාගි වූහ. Best Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE