Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2019 16:43:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව ස්ථානයන් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය තුල ප්‍රධාන දොරටුව, නාම පුවරුව, ආරක්‍ෂක කුටිය සහ කඳවුරු සම්මාන මුර ප්‍රධාන පිඨිකාව මෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද රණවිරු ස්මාරකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ වැඩ බලන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර විසින් විවෘත කරනු ලැබිනි.

මෙම නව ස්ථානයන් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු රෙජිමේන්තු අරමුදලින් සිදු කරනු ලැබිනි. මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා සභා සාමාජිකයින්, අණදෙන නිලධාරීන් සහ නිලධාරීන්, රෙජිමේන්තු මූලස්ථානයේ සහ බලඇණියන්හී රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වු අතර එම අවස්ථාවේදීම මූලස්ථාන රගර් ක්‍රිඩකයින් සඳහා විවේක කාමරයක්ද විවෘත කරනු ලැබිනි.

සියළුම නිලයින් තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වීමෙන් අනතුරුව වැඩසටහන සමාප්ත විය. Nike shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp