Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2019 16:08:31 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් නකල්ස් කඳුවැටිය තුල ඇති වූ ගින්නක් නිවා දමයි

පසුගිය අඟහරුවාදා (28) දින නකල්ස් කඳුවැටිය තුල හුන්නස්ගිරිය වන රක්‍ෂිත කාර්‍යාලය ඉදිරිපිටදී පෙරවරු 11.00 ට පමණ ඇති වූ ලැවුගින්නක් කුණ්ඩසාලේ, පල්ලෙකැලේ 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් මැඩපවත්වනු ලැබිනි.

යුද්ධ හමුදා සාමාජිකයින් 8 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙම සිද්ධිය සැල වූ වහාම එම කඳුවැටිය තරණය කොට එම රක්‍ෂිත වනාන්තරයේ සේවකයින් සමඟ එක්ව පස්වරු 4.30 වන විට ලැවුගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වීමට සමත්විය. buy footwear | New Releases Nike