28th May 2019 18:01:48 Hours
මොණරාගල, කුඹුක්ඔය 121 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ගැමුණු හේවා බලඇණියේ එක් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මැදගම, කහටියන්වල කඳුකර ප්‍රදේශයක ජනාකීර්ණ ප්‍රදේශයකට සමීපව සීඝ්‍රයෙන් පැතිරගිය ලැවුගින්නක් පසුගිය සඳුදා (27) දින මැඩපවත්වනු ලැබිනි.
එම පුවත සැළවූ වහාම 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දන සෝමවීරගේ මෙහෙයවීමෙන් එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් යුහුසුළුව ක්‍රියාත්මක වනු ලැබීය.
පැය දෙකකට අධික කාලයක් තුල දැරූ උත්සාහයක ප්‍රථිඵලයක් වශයෙන් එම ප්‍රදේශයේ සිවිල් ජනතාවට හෝ දේපලවලට කිසිදු හානියක් නොමැතිව ගින්න මැඩපැවැත්වීමට හැකි විය.Running sport media | Shop: Nike